Posts

තාම තියෙනවා වලෙන් ගොඩ එන්න කාලය... :D

Image
හිතවත් බ්ලොග් වාසී ජනයා වෙත මා අමුත්තෙකු වන්නට ඇත නමුත් කිව යුතු කරුණ නම් මේ පරණ රන්වන් මකරා මය. (දන්නෙ නැති අය කොනට) :) . කෙසේ වුවත් ප්‍රලාප නම් ගම් ඉවතලා දැන් එලිපිට රගන්නට සිතුවෙමි. පෙර බ්ලොග් අඩවිය එසේම පවත්වාගෙන යාමටද බලාපොරොත්තුවක් ඇත. කෙසේ හෝ වේවා නැවතත් ඔබ සැමගේ ඇසුර ලබන්නට සිතුවෙමි. කවියක් දෙකක් මෙන්ම හිතෙන දෙයක් කෙටියෙන් කොටා යෑමට මෙම අඩවිය මම භාවිතා කරන බව මෙහිදී සදහන් කරනු රිසියෙනි. පෙර මෙන් දැන් මේ අන්තර්ජාල විකාර සදහා යෙදවීමට කාලයක් නොමැති බව කරුණාවෙන් සලකන ලෙස හිතවත් බ්ලොග් ජනයාගෙන් ඉල්ලා සිටිමි. ඒ සාපෙ නිසාය. කෙසේ හෝ සාපෙන් ගැලවී ඔබ වෙත ඒමට උත්සහ කරන්නට සිතුවත් සාපෙන් පසුව උපෙ තිබෙන නිසාත් ඒ අතර ජීවිතය ගලායන නිසාත් දැන් දැන්ම සුලුවෙන් නැවතත් පෙර පරිදි පිස්සු කෙලීම ආරම්භ කළ බව සදහන් කරන්නෙමි. නමුත් දැන් පෙර මෙන් නොව යතුරු ලියනය කරන වේගය මටවත් සිතාගැනීමට නොහැකි සේ වැඩි වී ඇත. එහි ආශිර්වාදය නිසා දැන් දැන් වැඩි වචන ගණනකට මාගේ ලිපි ගෙන යා හැකි බව ඉතා මත් සතු‍ටු කරුණකි.  කෙසේ වුවත් මා මීට පෙරත් නිවාඩු කාලවල බ්ලොග් ලෝකයේ ඉතාමත් සක්‍රීය සාමාජිකයෙකු වුනේ ලක්දිව අධ්‍යාපන